දැන් ඉතින් කට්ටියගේ හොර අවුවෙනවා, 5

Amith | 10:45 PM | , ,

 ඔබ දන්නවාද?
ඉන්ටනෙට් වෙත යන්නන්ගේ පෞද්ගලික තොරතුරු සර්ච් එන්ජින් මඟින් ‍රැස් කර ගන්න බව එළි වෙයි!
කුමන හෝ සර්ච් එන්ජිමක් මඟින් ඉන්ටනෙට් තුළින් යම් යම් දේ සොයා බැලුවිට, ඒ සෙවු තොරතුරු වල ඉතිහාසය සර්ච් එන්ජින් සමාගම දනී.
යමෙක් නිතර පිවිසෙන වෙබ් අඩවි මොනවාද?
සොයන පින්තූර මොනවාද? වීඩියෝ ක්ලිප් මොනවාද? කොතරම් කාලයක් චැට් කළේද? යනාදී තොරතුරු එක තැනකට ‍රැස් කර ගත් විට ඒවා විමසා පුද්ගලයා ගැන දළ චිත්‍රයක් මවා ගත හැක.

සර්ච් එන්ජිමක් හරහා යමෙක් සොයා බැලුයේ මොනවාදැයි දැනගන්නට පාවිච්චි කරන සරලම ක්‍රමය 'කුකීස් (cookies)' විමසා බැලිමය. 'කුකීස්' කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරන හැම වාරයක් පාසාම ඒ ගැන තොරතුරු පරිගණකයේ ‍රැස්කොට තබන කුඩා ෆයිල් වර්ගයකටය. ඉදින් මේ පරිගණකය හරහා නැවතත් ඉන්ටනෙට් වෙත යනවිට සර්ච් එන්ජින් එම පරිගණකයේ ඇති 'කුකීස්' තුළින් තොරතුරු ලබා ගනි.
යාහු, ගූගල් මෙන්ම මයික්‍රොසොෆ්ට් යන සමාගම් සියල්ල වෙබ් බීකන් (web beacons) ද ප්‍රයෝජනයට ගනී. වෙබ් බීකන් යනු වෙබ් පි‍ටුවක පිහි‍ටුවා ඇති කුඩා ප්‍රමාණයේ ඉමේජයකි. මේ ඉමේජය ඇසුරෙන් යම් පරිශිලකයෙකුගේ වෙබ් හැසිරිම තේරූම් ගන්නට සර්ච් එන්ජින් සමාගම් වලට පුළුවනි.
සර්ච් එන්ජින් සමාගම් මෙසේ තොරතුරු ‍රැස් කොට ගන්නේ තනි තනි පුද්ගලයාගේ වෙබ් හැසිරීම ගැන මිනිසුන් යොදවා ඇස ගසාගෙන සිටීමෙන් නොව. මෙය සම්පුර්ණයෙන්ම මිනිස් ඇසුරෙන් තොරය. අන්තර්ජාලයට යන්නාගේ තොරතුරු ගොනු කොට ගෙන ඒ ගැන චිත්‍රයක් මවා දෙන්නේ විශේෂ පරිගණක වැඩසටහන් මඟිනි.

යාහු හෝ ගූගල් හෝ වින්ඩෝස් ලයිව් හෝ වෙන මොනයම් සර්ච් එන්ජින් හෝ ආදායම් ලබන්නේ වෙළඳ දැන්වීම් වලිනි. යම් වෙළඳ දැන්වීමකින් උපරිම ඵල ප්‍රයෝජනය ගන්නට නම් එය හරියටම ගැලපෙන කෙනා වෙත පෙන්විය යුතුය. ඉදින් නොමිලේ පරිශිලකයාට සේවය දෙන සර්ච් එන්ජින් ඒ පරිශිලකයා හඳුනාගෙන ඔහුට ගැළපෙන වෙළඳ දැන්වීම් පෙන්වීමට නොයෙක් උප යොදයි. මෙසේ යෙදිය යුතු උපායන් සැකසිමටය එක් එක් පුද්ගලයාගේ වෙබ් හැසිරීම ගැන වාර්තාවක් සකසනුයේ.
මේ ආකාරයට නොමිලේ සර්ච් එන්ජින් දී ඒවා පාවිච්චි කරන හැටි බලා මිනිසුන් වර්ග කොට ගැනිමෙන් සකසන තොරතුරු සැබවින්ම ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට (privacy) කෙළින්ම සම්බන්ධය. ඉදින් මේ පෞද්ගලික තොරතුරු සර්ච් එන්ජින් හරහා සමාජයට එළිවෙනවාද?
මීට උත්තර දෙමින් ගූගල් සමාගමේ පෞද්ගලිකත්වය ‍රැක ගැනිම පිළිබඳ උපදේශකවරයා වන පීටර් ෆ්ලෙෂර්  බිබිසි පුවත් සේවයට කියා තිබුණේ මේ තොරතුරු වෙනත් අය පත් වීමට කිසිසේත්ම ඉඩක් නැති බවයි.


ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න..... 



YouSayToo Revenue Sharing Community

5 Responses So Far:

lkmagz said...

ela machan... gud post!!! keep it up..

nuwan said...

ela mchn ela...

Amith said...

Thanks මචන්,

Anonymous said...

VERY GOOD POST

Amith said...

How's This Post

http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware

Related Posts Plugin for WordPress, Blogger...