Flashget Download Manager හි ක්‍රියාකාරිත්වය. 3

Amith | 10:45 PM |

අද නම් හොඳ දෙයක් අරගෙන මම අවේ, මෙක ගොඩාක්ම වටින්නේ, කරන අයට තමයි. බලමුද මොකක්ද කියලා











අන්තර්ජාලය සමඟ සම්බන්ධ වීමට බහුලවම භාවිතා වන්නේ, ඩයල්අප් මොඩම් එකක් හා දුරකතන සම්බන්ධතාවක් භාවිතයෙන් ඇති කර ගනු ලබන 'ඩයල්අප් කනෙක්ෂන් (dial-up connection)' එකයි. ඩයල්අප් මොඩෙම් එකක දත්ත සම්ප්‍රේෂණ වේගය තත්පරයට කිලෝ බිට් 56 ක් (56 kb/s) ලෙස දැක්වුවත් දුරකතන මාර්ග අවහිරතාවයන් නිසා බොහෝ විට ප්‍රායෝගිකව මෙම වේගය 15kb/s හා 52kb/s අතර පරාසයක පවතී.ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා සාමාන්‍යයෙන් 1MB ට වඩා අඩු ෆයිල් එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කළ හැකි වුවත් මෙගා බයිට් කීපයක විශාල ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කිරීම සඳහා බොහෝ වේලාවක් ගත වේ. සමහර විට මෙම කාලය පැය දෙකක් හෝ තුනක් වුවද විය හැක. එවිට අදාළ ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට වැඩි කාලයක් සඳහා ඉන්ටනෙට් බිල හා දුරකතන බිල ගෙවිය යුතුය.මෙසේ ඩවුන්ලෝඩ් කරමින් සිටියදී හදිසියෙම අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි වුවහොත් එතෙක් වේලා ඩවුන්ලෝඩ් වු දත්තයන් සම්පුර්ණයෙන්ම අහිමි වී යයි. දැන් ඉතින් නැවත ඩවුන්ලෝඩ් කිරීම පටන් ගත යුතුය. ඒ එතෙක් වැය කළ කාලයත් මුදලුත් සියල්ලම අමතක කරමිනි. මේ නිසා ඩයල්අප් කනෙක්ෂන් එකකින් විශාල ප්‍රමාණයේ ෆයිල් එකක් ඩ්වුන්ලෝඩ් කිරීම අපහසුය.මෙම අපහසුතාවලින් මිදී විශාල ෆයිල් ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා පහසුවෙන් ඩවුන්ලෝඩ් කිරීමට ඒ සඳහා විශේෂයෙන් සකස් කළ මෘදුකාංගයක් යොදා ගත හැකිය.මෙවැනි මෘදුකාංග වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකිවාක් මෙන්ම අන්තරජාලය හරහා නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමටද පුළුවන. 'ෆ්ලෑෂ්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් (Flashget Download Manager)' යනු එසේ අන්තර්ජාලය හරහා (http://www.flashget.com/index_en.htm) නොමිලේ ඩයුන්ලෝඩ් කරගත හැකි ජනප්‍රිය හා ආරක්ෂාකාරි මෘදුකාංගයකි.මෙම මෘදුකාංගයේ සෙටප් ෆයිල් එක 6.41MB පමණ වේ. ඩයල්අප් කනෙක්ෂන් එකක් හරහා මෙම ෆයිල් එක ඩවුන්ලෝඩ් කිරීමට පැයකටත් වඩා වැඩි කාලයක් ගත වන නිසා කළ යුතු හොඳම දේ ඉන්ටනෙට් කැෆේ එකකින් 'Flashget Installation' ෆයිල් එක ඩවුන්ලෝඩ් කර ගැනීමය. ඉන්පසු එය හරහා ෆ්ලෑෂ්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය පරිඝණකයට ඉන්ස්ටෝල් කර ගත හැකිය. මෙම මෘදුකාංගය නිවැරදිව ඉන්ස්ටෝල් වු පසු පරිඝණකයේ සිස්ටම් ට්‍රේ එකට ෆ්ලෑස්ගෙට් අයිකනය පැමිණේ. දැන් මෙම අයිකනය ඩබල් ක්ලික් කිරීමෙන් හෝ Start - Program හරහා යාමෙන් මෘදුකාංගය විවෘත කර ගත හැක.


ෆ්ලෑස්ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගය අවශ්‍ය පරිදි සැකසීම හෙවත් 'basic configuration' කිරීම.
මෘදුකාංගය විවෘත කළ පසු View මෙනුවේ Drop zone යන්න හා Recommendation යන්නෙහි ඇති ලකුණ ඉවත් කරන්න. Tools මෙනුවේ Default Download Manager යන්න ඉදිරියේ ඇති කො‍ටුවේ ලකුණ වැටි තිබේ දැයි බලන්න.ෆ්ලෑස්ගෙට් වල වම්පස ට්‍රිලිස්ට් එකක් හෙවත් ෆයිල්වල අනුපිළිවෙලක් එකක් දක්නට ලැබේ. එහි Download යන්න සිලෙක්ට් කළ විට ඩවුන්ලෝඩ් ලිස්ට් එක ඕපන් වේ. මෙහි අඩංගු වන්නේ ඩවුන්ලෝඩ් කිරීමට ලබා ගෙන තිබෙන කාර්යයන් හා ඒවායේ ප්‍රගතියයි.ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව දත්ත සම්ප්‍රේෂණ ධාරිතාවය අනුව කුමන ඩවුන්ලෝඩ් කුමන වේලාවන්වලදි කළ යුතුද යන්න ‍තෝරා ගෙන සුදුසු පරිදි කීපයක්ම  එකවර ඩවුන්ලෝඩ් කරවීමට ෆ්ලෑස්ගෙට් මෘදුකාංගය සමත් වේ. යම් ඩවුන්ලෝඩ් වීමක් අවසන් කළ පසු කුඩා සංගීත රාවයක් ඇසෙන අතර ඩවුන්ලෝඩ් ලිස්ට් එකෙහි නවතා ගෙන ඇති ඉතිරි ඩවුන්ලෝඩ් වලින් එකක් හෝ කීපයක් ඊළඟට ඩවුන්ලෝඩ් කරවීම ආරම්භ කරයි.මෙසේ ඩවුන්ලෝඩ් සිදු කෙරෙන අතරතුර යම් ලෙසකින් ඉන්ටනෙට් සබඳතාවය බිඳ වැ‍ටුණේ නම් එතෙක් සිදු කළ ඩවුන්ලෝඩ් සියල්ලම සු‍රැකිව තබා ගෙන නැවත ඉන්ටනෙට් වෙත සම්බන්ධ වු විට නැවතත් ඒවා නැවතුනු තැන සිට ඉදිරියට ගමන් කිරීමට ෆ්ලෑෂ්ගෙට් මෘදුකාංගයට හැකියාව තිබේ.එසේම පහළ ඇති Graph ටැබ් එක මත ඩවුන්ලෝඩ් වීම පැහැදිලිව පෙන්නුම් කරයි. මෙහි නිල් පැහැ කො‍ටුවලින් මෙතෙක් ඩයුන්ලෝඩ් කොට ඇති දත්තයන් නිරූපණය කෙරෙන අතර කොළ පැහැ කො‍ටුවලින් දැක්වෙන්නේ දැනට ඩවුන්ලෝඩ් කෙරෙමින් පවතින දත්තයන්ය. අළු පැහැ කො‍ටුවලින් දැක්වෙන්නේ තවමත් ඩවුන්ලෝඩ් කිරීමට ඉතිරිව ඇති දත්ත ප්‍රමාණයයි.

ෆ්ලෑස්ගෙට් මඟින් යම් වෙබ් අඩවියක් හෝ කොටසක් ඩවුන්ලෝඩ් කරන හැටි

යම් වෙබ් පි‍ටුවක ඇති ඩවුන්ලෝඩ් කළ හැකි ගොනුවක් මත ක්ලික් කළ විට දැන් පරිඝණකයේ 'default download manager' ලෙස තිබෙන ෆ්ලෑස්ගෙට් මෘදුකාංගය ඊට මැදිහත් වේ. මෙහිදී  Add New Download ලෙස වින්ඩෝවක් මතු වන අතර එහි Category නම් ලිස්ට් එකෙන් ෆ්ලෑෂ්ගෙට් වල කොතැනට මෙම ඩවුන්ලෝඩ් කිරීම සිදු කළ යුතුද යන වග සිලෙක්ට් කර දිය හැක.(Default setting ලෙස downloaded ස්ථානය select වී තිබේ.) මෙවිට ෆ්ලෑෂ්ගෙට් විසින් ඩවුන්ලෝඩ් කර අවසන් වු ඒවා තේරූ ස්ථානයට ඇතුළත් කරනු ලැබේ.පහළින් ඇති save to යන ස්ථානය ඩවුන්ලෝඩ් වු ෆයිල් එක පරිඝණකය තුළ පිහි‍ටුවනු ලබන ස්ථානයයි. Category එක වෙනස් කරන විට ඊට අදාළව මෙම save to  ස්ථානයද වෙනස් වේ. වෙනත් ඕනෑම තැනකට ඩවුන්ලෝඩ් වන ෆයිල් එක ලබා ගත යුතු නම් Browser බොත්තම මඟින් අදාළ ස්ථානය ‍තෝරා දිය හැකි වන අතර අදාළ කාර්යය ඩවුන්ලෝඩ් කොට අවසන් වු පසු මේ ස්ථානයට සේව් කරයි.ඩවුන්ලෝඩ් කරගත යුතු වෙබ් අඩවියේ ලිපිනය දන්නේ නම් එය ෆ්ලෑෂ්ගෙට් මෘදුකාංගය වෙත එය ලබා දීමෙන් කෙළින්ම එම වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් විම ආරම්භ කිරීමේ හැකියාවත් මෙම මෘදුකාංගය සතුය.ඒ සඳහා ෆ්යිල් මෙනුවෙන් New download මත ක්ලික් කොට Add New Download වින්ඩෝව මතු කොට ගත යුතුය. එහි URL ස්ථානයට අදාළ වෙබ් අඩවියේ ලිපිනය ඇතුළු කොට OK කළ හැක.ඉහත ක්‍රම දෙකේදීම සිදුවන්නේ අදාළ ඩවුන්ලෝඩ් කාර්යය ඩවුන්ලෝඩ් ලිස්ට් එකට Add කරවිමයි. ඉන්පසු කලින් සඳහන් කළ පරිදි ඩවුන්ලෝඩ් කරවීම සිදුවන අතර නිම කරන ලද ඩවුන්ලෝඩ් ඔබ විසින් ලබා දුන් ස්ථාන  වලට මාරු කරනු ලැබේ.

සැලසුම් කොට ඩවුන්ලෝඩ් කිරීම හෙවත් 'schedule' කිරීම.
Add New download වින්ඩෝවේ ඇති Advance බොත්තම මඟින් අමතර සෙටින්ග්ස් වලට යා හැක. එහි ඇති start නම් ලිස්ට් එකේ default setting එක කොහිවේලේත් මතුවන එකකි. අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් විමේ කාර්යයන් ‍තෝරා ගෙන ඒවා අවශ්‍ය පරිදි ඩවුන්ලෝඩ් ලිස්ට් එකට ඇතුළත් කොට පසුව ඒවාඩවුන්ලෝඩ් කරවීම කළ හැක. එසේ අවශ්‍ය නම් start ලිස්ට් එකෙන් schedule ‍තෝරා දෙන්න.එවිට ලබා දෙන ඩවුන්ලෝඩ් කිරීමේ කාර්යයන් ඩවුන්ලෝඩ් ලිස්ට් එකට ඇතුළත් කර ගනු ලබන නමුත් ඩවුන්ලෝඩ් කිරීම ආරම්භ නොකරයි. ඔබට අවශ්‍ය සියල්ලම ඩවුන්ලෝඩ් ලිස්ට් එකට Add කළ පසු ඩවුන්ලෝඩ් එකක් schedule කළ හැක. මෙහි ඇති වාසිය වන්නේ ඩවුන්ලෝඩ් කිරීම නවතා තිබෙන බැවින් වෙබ් පි‍ටු නැරඹිමේදී වේගය බාල නොවිමයි. ඔබගේ කාර්යය අවසන් වනතුරු කාර්යක්ෂමව වෙබ් පි‍ටු සමග වැඩ කළ හැකි වන අතර ඔබගේ කාර්යය නිම කිරිමෙන් අනතුරුව ඩවුන්ලෝඩ් විමේ ක්‍රියාවලිය ආරම්භ කරවිය හැක. Add New download වින්ඩෝවේ සිදු කරන ලද වෙනස්කම් දිගටම පවත්වා ගත යුතු නම් 'OK' කිරීමට පෙර 'save as default button' එක ක්ලික් කළ යුතුය. නැතිනම් ඊළඟ වතාවේදි වින්ඩෝව මතු වන්නේ default settings සමඟය. Tools මෙනුවේ Hang up when done යන්න සලකුණු කොට තැබු විට ඩවුන්ලෝඩ් ලිස්ට් එකේ සියළුම ඩවුන්ලෝඩ් අවසන් කරවා ඉන්ටනෙට් සම්බන්ධතාවය විසන්ධි කිරීමද සිදු කරවයි. Tools මෙනුවේ Shut down when done යන්න සලකුණු කොට තැබු විට ඩවුන්ලෝඩ් අවසන් වී පරිඝණකය ෂට්ඩවුන් කරවයි.

ඩවුන්ලෝඩ් වු ෆයිල් save විමේ ස්ථාන සැකසිම හෙවත් 'category' කිරීම
ඩවුන්ලෝඩ් එකක් Add කරවන විටදි ස්ථානය හෙවත් ලොකේෂන් (Location) එක සකස් කළ හැකි වුවත් වඩාත් පහසුවට කලින් අදාළ ස්ථාන සකස් කොට තැබිය හැක. මේ සඳහා ට්‍රීලිස්ට් එකේ එක් එක් ෆෝල්ඩරය මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවෙන් Properties ‍තෝරා යන්න. එහි ඇති Default directory නම් ස්ථානය ඉදිරියේ ඇති කුඩා බට්න් එක මඟින් අදාළ Category එක සඳහා ලැබෙන ඩවුන්ලෝඩ් කුමන ස්ථානයේ save කළ යුතුද යන්න ලබා දිය හැක.එසේම ඕනෑම ස්ථානයක අළුතෙන් Category එකක් සෑදීමටත් තිබෙන category එකක් ඉවත් කිරීමටත් ඒ මත රයිට් ක්ලික් කොට ලැබෙන මෙනුවේන් විධාන ලබා දිය හැක. මේ නිසා අවශ්‍ය ආකාරයට save ව්මේ ස්ථානය සකස් කර ගත හැක.

ඩවුන්ලෝඩ් වු ෆයිල් විවෘත කිරීම
save වන ස්ථානය දන්නේ නම් My computer භාවිතා කොට අදාළ ස්ථානය වෙත යමෙන් ඩවුන්ලෝඩ් වු ෆයිල් ඕපන් කර ගත හැක. එසේත් නැත්නම් අදාළ ස්ථාන සොයා ගැනිමට ෆ්ලෑෂ්ගෙට් භාවිතා කළ හැක.ෆ්ලෑෂ්ගෙට් හි ෆෝල්ඩර් ට්‍රී එකෙන් downloaded ස්ථානය ‍තෝරන්න. එසේ නැතහොත් download category ලෙස ලබා දුන් ස්ථානය ‍තෝරා ගන්න. එවිට එම category එක යටතේ සිදු කළ ඩවුන්ලෝඩ් සියල්ල දැක ගත හැක. එයින් අවශ්‍ය ඩවුන්ලෝඩ් එක ‍තෝරා ඒ මත රයිට් ක්ලික් කොට Open destination directory මත ක්ලික් කළ විට save වී ඇති ෆෝල්ඩරය එක ඕපන් කර දෙනු ලැබේ. එසේත් නැතිනම් අදාළ downloaded එක මත ඩබල් ක්ලික් කිරීමෙන් ෆයිල් එක ඕපන් කළ හැක.

Download කරගන්න.

ස්තුති ලිපිය කියවුවාට,ඔබලාගේ ප්‍රතිචාර දාන්න අමතක කරන්න එපා,ඔබේ ප්‍රතිචාර මට ශක්තියක් වෙයි අනිත් ලිපි ලියන්න.....




3 Responses So Far:

තුසිත සම්පත් said...

මෙක Internet download manager තරම්ම හොදද?

Amith said...

ඒකට වඩා මේකේ වැඩ කෑලි තියනවා

Amith said...

How's This Post

http://lhlift.co/
lh-Lift Co| lifting slings, web slings, ratchet tie down strap lifting equipment, hoist, chain, sling, material handling, rigging hardware

Related Posts Plugin for WordPress, Blogger...