අද නම් නියම සීන් එක දෙයියෝ සාක්කි අතිරෙකයේ තිබ්බේ, කියවපු නැති අය කියවලා බලන්නකෝ එහෙනම්,
පොල් මිල ඉහළ යාමත් සමග පොල් කැඩීමෙදී මුදල් වෙනුවට පොල් ගෙඩි දෙකක් ඉල්ලයි, ඉංගිරිය පැත්තේ පොල් කැඩීමට පැමිණ එසේ ගසකට ගෙඩි දෙකක් ඉල්ලු පුද්ගලයෙකුට වු අපූරු සිදුවීමක් මේ. විශ්රාමිකයකුගේ වත්තක පොල් කැඩීමට පැමිණි මොහු,
"මහත්තයා දැන් අපි සල්ලි ගන්නේ නැහැ. ගහකට ගෙඩි දෙකක් ගන්නවා" යැයි කී විට,
"ඒ මොකද ගහකට ගෙඩි දෙකක්?" ගස් අයිතිකරුගේ පැනය විය.
පොල් කඩන්නාගේ උත්තරය වුයේ "ගහට නගිනවට එකයි, බහිනවට එකයි, යනුවෙනි.
ගිවිසුම් ප්රකාරව පොල් කඩන්නා ගහට නැග්ගේය. පොල්ද කැඩුවේය.විශ්රාමික ගුරුවරයාද තරමක් අමාරුකාරයෙකි. "ළමයෝ, ඔය වේලිච්ච පොල් අතු,හනසු ටිකක් බිමට දාපන්" ඊළඟට අන කලේය. දැන් සියල්ල හරිය.
"මහත්තයෝ, හරි නෙද? දැන් මම එහෙනම් බහිනවා"
"උඹට ඕනෙ නම් බැහැපන් නැත්තම් ගහේම ඉඳපන්, මගේ උවමනාවට ගහට නැගලා පොල් කැඩුවට මං කුලිය දෙන්නේ එක ගෙඩියයි. මං මොකටද ගහෙන් බහිනවට සල්ලි දෙන්නේ"
යැයි විශ්රාමික ගුරුවරයා හඬ නගා පැවසීය,
ඊට පසුව මේ පොල් කඩන්නා "නගිනවට එකයි"- "බහිනවට එකයි" කතාව නොකියා "දැන් ගහකට කෙලින්ම සීයයි." කියා තම කුලිය ඉල්ලයි
2 Responses So Far:
paw bang
pol gedi dekak dunnama moka wenne.
unuth jeeath wenna epae
හුම්ම්ම් එකත මරු පොල්වතක පොල් කෑඩුවනම් ගොඩ..හික්z